ඔකිඩ් ප්‍රචාරණය
ඕකිඩ් වෙනත් බොහෝ ශාක වලට වඩා අඩු වේගයකින් වර්ධනය වන නිසා, පැල බෝ කර ගැනීමේ ක්‍රියාවලියට වැඩි කාලයක් ගත වෙනවා. බීජ පරගනයේ සිට උඩවැඩියා පැලයක් මල් පිපෙන තත්වයට ගැනීම සඳහා වසර පහක් හතක් පමණ කාලයක් ගත විය හැක.
බොහෝ ශාක මෙන්, ඕකිඩ් ආකාර දෙකකට ප්‍රචාරණය කිරීමට හැකියාවක් ඇත. එක් ආකාරයක් වන්නේ බීජ
විසින් ලිංගික ප්‍රචාරණයයි. අනෙක ශාකමය හෙවත්
වර්ධක ප්‍රචාරණයයි. ආරම්භක
වගා කරුවෙකුට වර්ධක ප්‍රචාරණය තම උඩවැඩියා
ශාක එකතුව තැනීම සඳහා යොදා ගත ඇත. අලිංගික ප්‍රචාරණය පහසු හා ඉක්මන්ය.
වර්ධක ප්‍රචාරණය
ඔකිඩ් වල අලිංගික ප්‍රචාරණය
එනම් වර්ධක ප්‍රචාරණය ආකාර කිහිපයකින් සිදුකල හැක.
1. බෙදීම මගින්
2. ව්‍යාජ බල්බ මගින්
3. වායව අංකුර මගින්
4. අග්‍රස්ථ අංකුර මගින්
01.බෙදීම මගින්
01.බෙදීම මගින්

02.බල්බ මගින්

03. වායව අංකුර මගින්

04.අග්‍රස්ත කැබලි මගින්
අඩියක් පමණ දිගු කැබලි මේ
ආකාරයට සිටුවනු ලබන අතර සුදුසු දිලීර නාශකයක් යොදා ගත යුතුය. වැන්ඩා , ෆොක්ස් ටේල් ආදී වර්ග කැබලි කපා සිටුවිය හැකිය.
සමහර උඩවැඩියා මල් වර්ග දඩු
කැබලි ලෙස කෑලි කපා පැල කල හැකි බව නොරහසකි. වැන්ඩා මොකරා වැනි ඔකිඩ් වර්ග බොහෝ
විට පැල කිරීම සිදුවන්නේ මේ ආකාරයටය. ඩෙන්ඩ්රෝබියම් මීට මදක් වෙනස් ආකාරයකට දඬු
මගින් පැල කර ගත හැක. ඉහත රූපයේ දැක්වෙන
ආකාරයට;
1. දිගු
කඳන් තියුණු පිරිසිදු කැපුම්
පිහියකින් කපා වෙන් කර ගන්න.
2. විෂබීජ නාශකයක් යොදා පිරිසිදු කල තියුණු, පිහියකින් එක් එක් කොටසට අවම වශයෙන් මංසල ( මීට ඉහතදී කඳට කොළ සම්බන්දව
තිබු ස්ථාන) දෙකක් අඩංගු වන සේ කඳන් කොටස්
වලට කපා වෙන් කර ගන්න.
3. කපා වෙන් කරගත් කොටස් නොගැඹුරු භාජනයක තෙත් වැලි හෝ sphagnum පාසි මත අර්ධ වශයෙන්
යට වන සේ තැන්පත් කරන්න.
4. තෙතමනය පවත්වා ගැනීමට වීදුරු හෝ ප්ලාස්ටික් ආවරණයකින්
වසා තබන්න.
5. සෘජු නොවන හිරු එළිය උණුසුම 70-75 ° F / 21-24 ° C ට ලැබෙන සේ තබන්න.
මාස කිහිපයකට පසු කුඩා ශාක මතු වනු ඇත.
බීජ ප්‍රරෝහණය
බීජ ප්‍රරෝහණය ආරම්භ වන්නේ
ඔකිඩ් මල් පරාගණය සිදු කරන අවස්ථාවේ පටන්ය. මල් පරාගනය සිදු කර වගාවට අවශ්‍ය බීජ
සහිත ඔකිඩ් කරලක් වවා ගත යුතුය. පරාගනය ආකාර දෙකකට සිදු කර ගත හැකිය. එක ආකාරයක්
නම් ස්වපරාගනයයි. අනෙක පරපරාගනයි. ස්ව පරාගනයෙන් පරාගනය සිදු කල ඔකිඩ් මලටම සමාන
මලක් සහිත පැළද පරපරාගනයෙන් පරගනයට බදුන් කල මල වර්ග දෙකක ලක්ෂණ වල මිශ්‍රණයක්
සහිත මල් ඇති පැළද බිහිවේ. නිපදවා ගත් ඔකිඩ් බීජ සහිත කරල විද්‍යාගාර තත්වයන් යටතේ
විවෘත කර මේ බීජ පෝශ්‍ය පදාර්ථ සහ වර්ධක හෝමෝන අඩංගු ජෙලටිනමය
ද්‍රාවනයක් මත වගා කර ගත යුතු ය. බීජ වැපිරීමේ සිට පැල ලබා ගැනීමට මාස 12ක් පමණ
ගතවේ.
පටක රෝපණය
පටක රෝපණය ආකාර කීපයකින් සිදු කල හැක.
1. බීජ රෝපණය (seed culture)
2. කළල රෝපණය (embryo culture)
3. උපංග (ශාක කොටස්) රෝපණය (organ
culture)
4. කිණක රෝපණය (callus culture)
5. සෛල රෝපණය (cell culture) සහ සෛල අවලම්බන රෝපණය (cell suspension culture)
6. ප්‍රාක් ප්ලාස්ම රෝපණය (protoplast
culture)
ඔකිඩ් පටක රෝපනයෙදී බහුලව භාවිතා වන්නේ උපංග (ශාක
කොටස්) රෝපණය (organ
culture) කිරීමයි.
බීජ ප්‍රරෝහණය සහ පටක රෝපණය මගින්
පැල බෝ කර ගැනීම අතිශය කල්ගතවන සහ ඉහල ආයෝජනයක් කල යුතු එමෙන්ම
හොඳ දැනුමක් ඇතිව කලයුතු කාර්යයක් වන බැවින් සාමාන්‍ය වගා කරුවන් මෙය විශේෂඥ වගා කරුවන්
හට පවරා තිබේ.
බීජ පැලකරගැනීමට භාවිතාකරන ජෙලටින් එක සකස් කරගන්නෙ කොහොමද
ReplyDeleteirumanoj@gmail.com
බීජ පැලකරගැනීමට භාවිතාකරන ජෙලටින් එක සකස් කරගන්නෙ කොහොමද
ReplyDeleteirumanoj@gmail.com
බීජ පැලකරගැනීමට භාවිතාකරන ජෙලටින් එක සකස් කරගන්නෙ කොහොමද
ReplyDelete