උඩවැඩියා වගාකරුවන්
අන් කිසි හේතුවකට වඩා වැරදි ලෙස වතුර
දැමීමෙන් තම ඔකිඩ් පැල වගාව විනාසයට පත් කරගෙන ඇත. නිසි ලෙස ජල සම්පාදනය කිරීම සඳහා
අවධානය යොමු කල යුතු ප්‍රධාන කරුණු දෙකක් ඇත. වතුර දැමිය යුත්තේ කවදාද? කෙසේද? ඕකිඩ්
වලට වතුර සැපයිය යුත්තේ පැල බඳුනේ දිය සිඳුණු පසුවය. ඔකිඩ් වර්ගය අනුව මෙහි සුළු
වෙනසක් කල යුතුය. කැට්ලියා සහ ඔන්සිඩියම් බඳුනේ දිය සම්පූර්ණයෙන්ම වියළී යාමට ඉඩ
දිය යුතු අතර පැලනොප්සිස් සහ පපියොපෙඩිලියම් බඳුනේ වතුර මුලිමනින් ම සිදී යාමට ප්‍රථමයෙන්ද
ජලය සැපයිය යුතුය.

වතුර යෙදීම සඳහා
මැජික් සූත්‍රයක් තිබෙනවා යයි මෙයින් අදහස්
නොකෙරේ. ඔබගේ ඔකිඩ් වගාව වැඩෙන පරිසරයේ පවත්නා ආලෝකය, උෂ්ණත්වය, තෙතමනය , වාතාශ්‍රය , බඳුන් මිශ්‍රණය , පැල වල වර්ගය
සහ වයස යන සියලු කරුණු මේ සමග බැදී තිබේ. උඩවැඩියා
පැල බඳුන වියළි බව තීරණය කිරීම සඳහා ක්‍රම කිහිපයක් ඇත. බඳුන් මිශ්‍රනය අඟුරු හෝ පාසි නම් බඳුන් මිශ්‍රණය මතුපිට වියළි ස්වභාවය
දිස් වනු ඇත. පොල්ලෙලි කැබලි අතින් තද කල විට වියලි ද නැත්ද යන වග හඳුනා ගත හැක. අවශ්‍ය නම් ලී කුරක් හෝ පැන්සලක් බඳුන් මිශ්‍රණ
තුලට යවා තෙතමනය දැනගත හැක. ප්ලාස්ටික් භාජන මැටි බඳුන් වලට වඩා තෙතමනය රඳවා ගනී.
වතුර යෙදීම උදේ
කාලයේ කිරීම සුදුසු බව අපගේ අත්දැකීමයි. රාත්‍රී කාලයේ වතුර රැදී මෙන් කැට්ලියා හා
පැලනොප්සිස් වැනි ඔකිඩ් වර්ග පහසුවෙන් රෝග
වලට ගොදුරු වේ. උණුසුම් කාලගුණයක් ඇති විට වැඩියෙන් වතුර යෙදීමටත් වර්ෂාව ඇතිවිට
වතුර නොයොදා සිටීමත් සුදුසු බව අමුතුවෙන් කිවයුතු නොවේ. ළිං ජලය හෝ වැසි ජලය ඉතා යෝග්‍ය වන අතර ක්ලෝරීන් සහිත නළ ජලය වගාවට
හිතකර නොවේ.
නළ ජලය යොදා ගැනීම හැර වෙන විකල්පයක් නැතිනම් එම
ජලය භාජනයකට එකතුකර පැය
24 ක පමණ කාලයක් වාතාශ්‍රයට නිරාවරණය කර තබා භාවිතයට ගත
යුතුය. පැල බඳුනේ යටින් වතුර වෑහෙනතුරු මල්
බාල්දියෙන් වතුර දමන්න. බොහෝ
වෘත්තීය වගාකරුවන් විනාඩි 8 ක් හෝ ඊට වැඩි කාලයක් වතුර විදින sprinkler සක්‍රිය කර තබති. තවත් සමහරු
වතුර බාල්දියක් හෝ බේසම තුලට පැල සහිත බඳුන් දමා ඔවුන්ගේ ශාක මුළුමනින් පොඟවා
ගනිති. වැන්ඩා වැනි වර්ග වලට මෙය ඉතා අගනා ප්‍රති කාරයකි. මන්ද වැන්ඩා මුල් පොකුර
තුල කුඩා ජල බිඳිති රැදී තිබීම අවශ්‍ය හෙයිනි. රාක්කයේ
යට (පැළ තබා තිබෙන ගැල්වනයිස් කම්බි දැල යට) තෙතමනය රඳවා ගැනීම සඳහා කොහුබත් හෝ ලී
කුඩු පොළොව මත අතුරා එය නිතරම තෙත්ව තබන්න.
වැසි කාලවලදී වතුර දැමීම අනවශ්‍යයි.
No comments:
Post a Comment