උඩවැඩියා පළිබෝධ සහ රෝග
උඩවැඩියා වගාවට
හානි කළ හැකි හෝ වගාව මුළුමනින්ම විනාශයට පත් කල හැකි රෝග සහ පළිබෝධ නිවැරදිව
හඳුනා ගැනීම, හා
පාලනය කිරීම වගා කරුවන් අවධානය යොමු කල යුතු ඉතා වැදගත් කරුණකි. මෙම පරිච්චේදය
වෙන්වන්නේ ඕකිඩ් වගා කරුවන් විසින් හඳුනාගත යුතු උඩවැඩියා වගාවට හානි කළ හැකි රෝග
සහ කෘමි හානි, ඔවුන්ගේ
ලක්ෂණ සහ ඒවා මර්ධනය හෝ වලක්වා ගැනීම සඳහා යොදා ගතයුතු රසායනික හා පලිබෝධ නාශක මොනවාද
යන්න පැහැදිලි කිරීමටයි. මෙම කරුණු විමර්ශනය සඳහා උඩවැඩියා පළිබෝධ සහ රෝග පිළිබඳ
ඇමරිකානු උඩවැඩියා සංගමයේ අත්පොත පරිහරණය
කෙරුණු බව කෘතගුණ පූර්වකව සඳහන් කරමි.
උඩවැඩියා පලිබෝධ
යුෂ උරා බොන
කෘමීන්.
1.
පොතු
කෘමීන් (scale)
2.
පිටිමකුණා
3.
කුඩිත්තන්
4.
පැල
මැක්කන්
5.
සුදු
මැස්සා
මකුළු වේයන් (මයිටාවන් )
පත්‍ර කා දමන සතුන්
1. හන්ගොල්ලන් සහ ගොළුබෙල්ලන්
2. දළඹුවන්
3. කැරපොත්තන් සහ පළගැටියන්
පොතු කෘමීන් (scale - Coccus
hesperidium )
රෝග ලක්ෂණ: කොරපොතු කෘමීන්, සිවි කෘමීන් ,පොතු කෘමීන්, මිනුම් කෘමීන් යනාදී නම්වලින් හඳුන්වන පත්‍ර යටි පැත්තේ පත්‍ර නාරටිය අසල ජීවත් වෙමින් ඒවායේ යුෂ උරා බොන scale කෘමීන් ව්‍යාජ බල්බ
සහ රයිසෝමය වටා ද ගැවසෙති.මොවුන් බොහෝ විට පැරණි පත්‍ර හා ව්‍යාජ බල්බ යට සැඟවී
සිටිති.දැඩි ආසාදනයක දී පත්‍ර
කහ හෝ අඳුරු පැහැයට හැරී යා හැකි අතර ශාක පත්‍ර අඩු මාසයෙන් ගිලිහී යා හැක.
ප්‍රතිකාර: සුළු ආසාදනයක් තිබේ නම් අයිසොප්රෝපයිල් වල බහා ගත් කොටන් බඩ් එකක් හෝ මධ්‍යසාර තවරාගත් බුරුසුවකින් ආසාදිත තැන් පිරිමදින්න. නැතිනම් මැලතියන් හෝ ආරක්ෂිත සබන් භාවිතා කරන්න. වඩා බරපතල ආසාදනයකදී පෙන්තොඒට් 50%
EC වැනි පලිබෝධ නාශකයක් ලේබලයේ උපදෙස් අනුව කොළ සහ කඳේ යටි පැති සපුරා ඉසීමට වග බලා ගන්න. සති 2 කට පසු නැවත භාවිතා කරන්න.
.

පිටිමකුණා
රෝග ලක්ෂණ: පිටි මකුණා ශාකයේ ඕනෑම කොටසක සිටිය හැකි නමුත් පත්‍ර හා කඳ එක්වන
තැන ගොනු වීමට කැමතිය. දැඩි
ආසාදනයකදී කොළ කහ ගැසෙන අතර, අඳුරු පාට වීමටත් අඩු මාසයෙන් හැලී යාමටත් පුළුවන,

වලක්වා ගැනීම: මොවුන් සැඟවී සිටින තැන් තුරන් කිරීම සඳහා පැරණි කොළ සහ මල් නටු
ඉවත් කරන්න. නව ශාක එකතු කිරීමට පෙර පරීක්ෂා කරන්න.
කුඩිත්තන්
රෝග ලක්ෂණ: කුඩිත්තන්
විසින් මල් පොහොට්ටු, මල්, සහ අලුත් පැල වලට හානි කරන අතර වෙනත් ශාක වල සිට රෝග සම්ප්‍රේෂණය
කරයි. කෘමීන් තමන් වෙත ඇද ගැනීමේ හැකියාවක් ඇත. පොහොට්ටු සහ මල් විවෘත වීමට අසමත් වන අතර කොළ වල ඇලෙන සුළු යමක් තිබිය හැක.
ප්‍රතිකාර: වතුර පහර
අල්ලා කුඩිත්තන් ඉවතට යැවීමට අමතරව ඇබමෙක්ටින් 1.8 EC හෝ ආරක්ෂිත සබන් වැනි පලිබෝධ
නාශක ලේබලයේ උපදෙස් අනුව භාවිතා කල හැක.
කුඩිත්තන්ගේ සහ අනෙකුත් තමන්
වෙත ඇද ගැනීමේ හැකියාවක් කෘමීන් මගින් ශරීරයෙන් බැහැර වන පැනිය කුහුඹුවන් ආකර්ෂණය කරයි. .කුහුඹුවන් ගැවසේ නම් කුඩිත්තන්, පිටිමකුණා, පොතු
කෘමීන් හා මයිටාවන් ඇත්දැයි ශාක පරීක්ෂා කර බලන්න.
පැළ මැක්කන්:
රෝග ලක්ෂණ: පැළ මැක්කන්
මල්
මත
පෝෂණය
වන
මුත්
ඉඳහිට
පත්‍ර මතත් යුෂ
උරා
බොමින්
ජීවත්
වන
අතර
වෙනත්
ශාක
වලින්
ශාක
රෝග
සම්ප්‍රේෂණය කිරීමට සමත්ය.
මල්
පොහොට්ටු විවෘත නොවීම, මල්
පෙති
මත
ජලයෙන් පොඟවන ලද සේ ලප මතුවීම, මල්
විකෘති
වීමද සිදුවිය හැක. කොළ
පිටුපස
රිදී
හෝ
බ්ලීච්
පැහැයක්
පෙනී
යා
හැකිය.

පාලනය: පැල ගෘහයෙහි හොඳ සනීපාරක්ෂක තත්වය වෙනත් මල් වර්ග ,
දෙහි,
gardenias, යුකැලිප්ටස්,
ආදි ශාක ඕකිඩ් වගාවෙන් වෙන් කර
තැබීම උවදුර වැළැක්වීමට උපකාරී වනු ඇත.
සුදු මැස්සන්
රෝග ලක්ෂණ: සුදු මැස්සා විසින් මල් පොහොට්ටු, මල්, සහ අලුත් පැල වලට හානි කරයි.
ශාකය සෙලවෙන විට අහසට
පැන නගින ඉතා කුඩා සුදු කෘමීන් වලාකුළක් සේ දිස්වේ.
ප්‍රතිකාර: ලේබලයේ එන උපදෙස් අනුව අදාළ, ඇබමෙක්ටින් 1.8 EC, මැලතියන් හෝ ආරක්ෂිත සබන් වැනි පලිබෝධ නාශක ඉසින්න.
පාලනය: වෙනත් පැළ වලින් තොරව යහපත් සනීපාරක්ෂක තත්වයෙන් ඕකිඩ් වගාව තබා
ගැනීම මෙම උවදුර වැළැක්වීමට උපකාරී වනු ඇත.
මකුළු වේයන් - මකුළු මයිටාවන්
රෝග ලක්ෂණ: මයිටාවන්
කෘමින් නොවේ,
ඔවුන් arachnid පවුලේ
සාමාජිකයෝ වෙති. මකුළු වේයන් සාමාන්‍යයෙන්
පත්‍ර වල යටිපැත්තේ පෝෂණය ලබන කුඩා, දුඹුරු හෝ රතු කෘමී විශේෂයකි. .මොවුන් හඳුනා ගැනීමට අත් කාච භාවිතා කරන්නට
අවශ්‍ය විය හැකියි. පත්‍ර යට මයිටා අපද්‍රව්‍ය
හා මකුළු දැල් තිබිය හැක. හානියට පත් පත්‍ර වල ඉහළ මතුපිට රිදීවන් ස්වභාවයක් ඇතිවී ක්‍රමයෙන් දුඹුරු
පැහැයට හැරේ. පත්‍ර වල හරිතප්රද නොමැති වීම හේතුවෙන්,තිත් වැටෙනු ඇත.සිහින් හෝ මෘදු පත්‍ර ඕකිඩ් ඝනැති පත්‍ර වලට වඩා මෙම හානියට ගොදුරුවේ.
ප්‍රතිකාර: ලේබලයේ
උපදෙස් අනුගමනය පළකරමින්,
ඇබමෙක්ටින් 18 g/l EC වැනි
miticide
ඉසිය හැක. උණුසුම් කාලගුණය
තුළ සැම දින 6 කට වරක් නැවත ඉසින්න.
පාලනය: උණුසුම් කලගුණයේදී මයිටාවන් ඇති විය හැකි බැවින් වගාවේ
තෙතමනය කොල වල තෙත ගතිය වැඩි කිරීමෙන් සහ උණුසුම අඩු කිරීමෙන් මයිටාවන් පාලනය කල
හැක.
ගොඩ ගොළුබෙල්ලන් සහ හම්බෙල්ලන්
රෝග ලක්ෂණ: මෙම මොලූස්කාවන්, මල්, පත්‍ර සහ මුල් ද අලුතින් මතුවන
අංකුර ද කා දමයි. මෙම
නිශාචර පළිබෝධකයින් සෙවල
තට්ටුවක් මත ගමන් කරන බැවින් සතුන් ආ ගිය තැන හඳුනාගත හැක.
ප්‍රතිකාර : රසායනික උගුල් මුන් ගැවසෙන තැන්වල ස්ථානගත කළ හැකිය.
නොගැඹුරු ටින් එකක
දැමු බියර් සතුන් ගැවසෙන තැන් වල තබා එහි
ගිලී මිය පළිබෝධ ඊළඟ දවසේ ඉවත් කළ හැක.
දළඹුවන්
රෝග ලක්ෂණ: දළඹුවන් සළඹ හා සමනළුන්ගේ
නොමේරූ අවස්ථාවයි. ඔවුන් ඉතා කෙටි කාලයක් තුළ මල් සහ කොළ විශාල ලෙස හානි කර
දමති.
ප්‍රතිකාර: දළඹුවන් ශාරීරිකව ශාක වලින් ඉවත්
කළ හැකිය. ඒත් ඔවුනගේ පැවැත්ම නවතා ලීම සඳහා පත්‍ර වල යටිපැත්ත පරීක්ෂා කර බලන්න. .ලේබලයේ උපදෙස් අනුගමනය
කරමින් හැකිතාක් දුරට ආරක්ෂාකාරී ස්වභාවික
කෘමී නාශකයක් යොදා මර්දනය කරන්න. කෘමි පලිබෝධ හා ඔවුන්ගේ බිත්තර සැඟවීමට හැකි ගිලිහුණු
කොළ සහ සුන්බුන් පිරිසිදු කර තබා ගන්න
කැරපොත්තන් හා පළඟැටියන්
රෝග ලක්ෂණ: මල්, මුල් සහ නව අංකුර කා දමා තිබීම.
වැලක්වීම: කැරපොතු නාශක උගුල් ඇටවීම,
ජලය සීනි සහ පිටි
සමඟ මිශ්‍ර කල බෝරික්
අම්ලය යොදා තැනූ පේස්ට්එකක් මොවුන් සොයා ගත හැකි සෑම අස්සක් මුල්ලක්
තුලම තැබිය හැක. රාත්‍රියට උක් පැණි මිශ්‍ර
ජලය අඩක් පිරවූ භාජන තැන තැන තබන්න.